චීනය කළඹන "යාගී"

සැප් 06, 2024

    ‍"යාගී" ප්‍රබල සුළි කුණාටුව මේ වන විට දකුණු චීනය දෙසට හමා යමින් පවතින බව, වාර්තා වනවා.

    විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, අවදානම් ප්‍රදේශවලින් ලක්ෂ 4 ක පමණ පිරිසක් ඉවත් කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන ඇති බවයි. චීනයට මේ වසරේ බලපෑ ප්‍රබලතම සුළි කුණාටුවක් ලෙස "යාගී" සුළි කුණාටුව සැලකෙනවා. මෙහි බලපෑම හේතුවෙන් දකුණු චීනයේ ඇතැම් පාසැල් වසා තැබීමටයි, පියවර ගෙන ඇත්තේ.

    දුම්රිය සහ බෝට්ටු සේවා මෙන්ම ගුවන් ගමන්ද මේ වන විට තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. චීන කාලගුණ විද්‍යා අංශ පවසන්නේ, "යාගී" සුළි කුණාටුව පැයට කිලෝමීටර 240 ක පමණ වේගයෙන් හමා යමින් පවතින බවයි. ඇතැම් ප්‍රදේශවලට මිලමීටර 500 ක පමණ අධික වර්ෂාපතනයක් අපේක්ෂා කෙරෙනවා. කුණාටුවෙන් එරට වැඩිම ජනගහනයක් සහිත "ග්වොංඩොං" පළාතට මෙන්ම, "හයිනාන්" දූපතට ව්‍යවසනකාරි හානියක් සිදු වනු ඇති බවට, කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවනවා.

    ඉන්දු - පැසිෆික් නිවර්තන සුළි කුණාටු පිළිබද අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසන්නේ, පස් වැනි කාණ්ඩයේ සුළි කුණාටුවක් වන "යාගී" සුළි කුණාටුව දරුණු ව්‍යවසනකාරි සුළි කුණාටුවක් බවට පත්ව ඇති බවයි.

    Latest News