යුක්‍රේනයට තවත් යුද පැකේජයක්

සැප් 07, 2024

    බ්‍රිතාන්‍ය රජය, යුක්‍රේනයට තවත් කෙටි දුර මිසයිල ඇතුළු පවුම් මිලියන 162 යුද පැකේජයක් ලබා දීමට තීරණය කර තිබෙනවා.

    බ්‍රිතාන්‍ය බලධාරීන් පවසන්නේ, නවතම යුද පැකේජය මගින් යුක්‍රේනයේ ගුවන් ආරක්ෂාව තවත් ශක්තිමත් වනු ඇති බවයි.‍ දින කිහිපයකට පෙර රුසියාව, යුක්‍රේනයේ නගර ඉලක්ක කොට එල්ල කළ ප්‍රහාර හේතුවෙන් බටහිර රාජ්‍යයන් සපයා ඇති ආයුධවලින් රුසියානු භුමියේ ඉලක්ක වෙත ප්‍රහාර සිදු කිරීමට යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි අවසරය ඉල්ලා සිටියා.

    කෙසේ වුවද ඊට ඍජු ප්‍රතිචාරයක් හිමි වූයේ නැහැ. බ්‍රිතාන්‍ය රජය යුක්‍රේනයට තවත් කෙටි දුර මිසයිල සිය ගණනක් ලබා දීමට තීරණය කර ඇති විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබෙනවා. එක්සත් රාජධානියේ ආරක්ෂක ලේකම් කාර්යාලය සඳහන් කරන පරිදි බ්‍රිතාන්‍යය යුක්‍රේනය වෙත පවුම් මිලියන 162 යුද පැකේජයක් ලබා දීමට නියමිතයි. සැහැල්ලු බහුවිධ මිසයිල 650ක් ද ඊට ඇතුළත්. ජර්මනියේ - රැම්ස්ටයින් ගුවන් කඳවුරේ ඊයේ පැවති සමුළුවකදී යුක්‍රේනය, රුසියාව සමග සටන් සඳහා බටහිර රටවල්වලින් තවදුරටත් මිලිටරි සහාය ඉල්ලා තිබෙනවා.

    Latest News