රන් ජාවාරම් කළ ඉන්දියානුවා ගුවන්තොටේදී මාට්ටු

සැප් 08, 2024
    රුපියල් කෝටි තුනක පමණ වටිනාකමකින් යුත් රන් බිස්කට් තම කලිසම් සාක්කුවේ සඟවාගෙන කටුනායක ගුවන්තොටුපොළ සංක්රමණික මගී පර්යන්තයේ රැඳී සිටි ඉන්දීය ජාතිකයෙකු ඊයේ (7) ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණා.

    29 හැවිරිදි ඉන්දීය ජාතිකයා, ව්යාපාරික ගුවන් මගියෙකු ලෙස ඉකුත් 06 වැනිදා චෙන්නායි සිට පැමිණ තිබෙනවා.

    ඔහු ඊයේ පස්වරුවේ නැවත බැංගලෝර් වෙත පිටත්ව යෑම සඳහා ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
     
    එහිදී ඔහුගේ කලිසමේ සාක්කුවක් තුළ කුඩා බෑගයක කිලෝ ග්රෑම් 01යි ග්රෑම් 158ක් බරැති රන් බිස්කට් 9 ක් සහ තවත් රන් බිස්කට් කැබළි 3 ක් සඟවා ගෙන සිටියදී සොයා ගැනුණා.

    Latest News