කොවිඩ් - 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් කොළඹ කොටස් හුවමාරුවේ කටයුතු යාවත්කාලීනව අත්හිටුවා ඇති අතර පවත්නා ඇඳිරි නීති තත්ත්වයන් හේතුවෙන් එහි කටයුතු නැවත ආරම්භ කිරීමේ ගැටලු උද්ගතව තිබේ.
ඒ අනුව කොටස් හුවමාරුවේ කටයුතු මෙලෙස ඩිජිටල්කරණය කිරීම සඳහා අවශ්‍ය පියවර යෝජනා කිරීමට සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සහ කොටස් හුවමාරුවේ නියෝජිතයන් ඇතුළත් ඒකාබද්ධ කමිටුවක් පිහිටුවා ඇත.