වසර ගණනාවකට පසු මෙසේ මිල ඉහළ යාමක් දක්නට ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.
අමු තේ දළු කිලෝග්රෑමයකට රුපියල් 124 ක ඉහළ මිලක් මේ වනවිට ලැබෙමින් පවතිනවා.
ලෝක වෙළදපලේ මෙරට කළු තේ සදහා වැඩි ඉල්ලුමක් පැවතීමෙන් තේ මිල ඉහළ ගොස් ඇති බවයි, පැවසෙන්නේ.
තේ මිළ ඉහළ යාමත් සමග කුඩා තේ වතු හිමියන් තේ වගාව සඳහා වැඩි වශයෙන් යොමු වී සිටිනවා.
මෙස් ඉහළ මිලක් තේ දලු සඳහා ලැබීම තමන්ට විශාල සහනයක් බවයි, කුඩා තේ වතු හිමියන් පවසන්නේ.