කාම්බෝජයේ ව්‍යාපාරික සමුළුවට මෙරටින් ව්‍යාපාරිකයන් රැසක්

අගෝ 06, 2019

    කාම්බෝජයේ පැවැත්වෙන ව්‍යාපාරික සමුළුවකට සහභාගීවීමේ අරමුණින් දේශීය ව්‍යාපාරිකයින් පිරිසක් අද උදේ දිවයිනෙන් පිටත්ව ගියේය.

    දූත පිරිසට 21 දෙනෙකු ඇතුළත්. ඔවුන්, ලබන 7 වැනිදා සිට 10 වැනිදා දක්වා කාම්බෝජයේ සංචාරය කරනු ඇති. ශ්‍රී ලංකාවේ නිෂ්පාදන අන්තර්ජාතික වෙළෙඳපොළට හඳුන්වාදෙමින් ප්‍රතිලාභ රැසක් එමගින් ලබාගත හැකි බවයි, ව්‍යාපාරිකයින් පවසන්නේ.

    දූත පිරිසේ නායකත්වය දරන්නේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති සාරංග විජයරත්න මහතායි. ඇඟලුම් ඇතුළු ක්ෂේත්‍ර 35ක් සම්බන්ධයෙන් දූත පිරිස කාම්බෝජයේ ව්‍යාපාරිකයින් සමඟ සාකච්ජා කිරීමට නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 06 අගෝස්තු 2019 12:15

    Latest News