ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2019 අගෝස්තු 22 දින පැවති රැස්වීමේදී මහ බැංකුවේ ස්ථාවර තැන්පතු පොලී අනුපාතය (SDFR) සියයට 7 තෙක් සහ මහ බැංකුවේ ස්ථාවර ණය දීමේ පොලී අනුපාතය (SLFR) සියයට 8 කින් පහත දමා තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාව වෙනුවෙන් කාසි නිකුත් කිරීමේ කවුළුවක් ශ්‍රී ලංකා මහ බැංකු මුලස්ථාන බිම් මහලේ ආරම්භ කර තිබේ.
මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධිය ගනුදෙනුව අත්අඩංගුවට ගත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු එම සමාගමේ අධ්යක්ෂවරුන් සිව්දෙනා සහ මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පී. සමරසිරි යන අය ලබන 05 දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු හා අධ්‍යක්ෂකරු තිදෙනෙක් අද (25) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහබැංකු බැඳුම්කර කොමිසමට විකෘති කරන ලද දුරකතන ඇමතුම් අඩංගු හඬ පටයක් ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් ගොනු කර ඇති පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබිණ.
සේවක අර්ථසාධක අරමුදල මගින් එවනු ලබන බව අඟවමින්, සේවකයන් හා මූල්‍ය ආයතන වෙත ව්‍යාජ විද්‍යුත් ලිපි යැවීමේ ජාවාරමක් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව අනතුරු අඟවයි.
සංචිත ඉහළ නැංවීම සඳහා විනිමය හුවමාරු පහසුකම යටතේ ඉන්දීය සංචිත බැංකුවෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 400ක් ශ්‍රී ලංකා මහ බැංකුවට ලබා දීමට එකඟතාව පළ කර තිබේ.
මහ බැංකු බැඳුම්කර වංචාවේ සෘජු අලාභය පිළිබඳ මෙතෙක් ගණනය කිරීමක් සිදුකර නොමැති බව, මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.