කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මෙම දඩුවම නියම කළේය. කොළඹ, බොරැල්ල ප්‍රදේශයේ පදිංචි රේන්දගේ ලක්ෂ්මන් ප්‍රනාන්දු නමැත්තෙකුට මෙසේ දඬුවම් නියම විය.
2010 වසරේ ජුනි මස 22 වැනිදා බොරැල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මෙම විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබේ. ඉන් අනතුරුව නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළේය.
දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව තීන්දු කළේය.ඉන් අනතුරුව විත්තිකරුට මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.