මොවුන් ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාවේ සිට COVID-19 ලොව පුරා ව්‍යාප්තවීමෙන් අනතුරුව මෙරටට පැමිණි පිරිසයි.
ඒ අනුව පූනානි මධ්‍යස්ථානයේ රැදී සිටි 203 දෙනෙකු සහ කන්දකාඩු මධ්‍යස්ථානයේ රැදී සිටි 108 දෙනෙකු අද දිනයේ නිරෝධායන කටයුතු අවසන්වීමෙන් පසු පිටත්ව යනු ඇත.
මෙම පිරිස් මහනුවර, මාතර සහ ගාල්ල දක්වා යුධ හමුදාවේ මැදිහත්විමෙන් බස් රථ මගින් රැගෙන යාමට නියමිතව ඇති බවද ඔවුන්ට අවශ්‍ය දිවා ආහාරය සහ කුඩා දරුවන්ගේ ආහාර ද යුධ හමුදාව විසින් ලබාදීමට පියවර ගෙන ඇති බව ද වාර්තා වේ.