ගම්මාන 1113 ක ආර්ථික ශක්තිමත්භාවයට චීනයේ සහය

අප්‍රේ 10, 2020

    දිළිඳු ගම්මාන 1113ක් ඉන් මුදවා ගැනීමට උපකාර කිරීම සඳහා චීන පෞද්ගලික ව්‍යාපාර හා සමාජ සංවිධාන ඉදිරිපත් වෙයි.

    රටේ දරිද්‍රතාව පිටුදැකීමේ සටන ජය ගැනීමට සහය දැක්වීම සඳහා, දිළිඳු ගම්මාන 1113කට ආධාර කරන ලෙස චීන දිළිඳුකම පිටුදැකීමේ අරමුදල, චීන දිළිඳුකම පිටුදැකීමේ ස්වේච්ඡා සේවා ප්‍රවර්ධන සංගමය හා සූචෞ Engma සේවා කර්මාන්ත බාහිර මූලාශ්‍ර සමාගම ඇතුළු පෞද්ගලික ව්‍යාපාර හා සමාජ ආයතන ඒ සඳහා මුලපුරා ඇත.

    කර්මාන්ත සංවර්ධනය කිරීම, රැකියා නියුක්තිය ප්‍රවර්ධනය කිරීම, දිළිඳු ගම්මානවල නිෂ්පාදිත අලෙවිය ව්‍යාප්ත කිරීම යනාදී ආධාර ක්‍රම යොදා ගනිමින් දිළිඳු ගම්මානවල වැසියන්ගේ ද ස්වයං සහභාගීත්වයෙන් ඔවුන් දිළිඳුකමෙන් මුදවා ගැනීමට උපකාර කිරීම එහි ක්‍රියා සැළැස්මය.

    Latest News