“2020 නැණ මිහිර” ශිෂ්‍යත්ව ප්‍රශ්නෝත්තර කට්ටලය දැන් ලබා ගත හැක

අප්‍රේ 25, 2020

    “2020 නැණ මිහිර” ශිෂ්‍යත්ව ජයමඟ ඉලක්ක ප්‍රශ්නෝත්තර කට්ටලය දැන් නිකුත් කර තිබේ.

    නව විෂය නිර්දේශයට අනුව, සකස් කර ඇති ප්‍රශ්නෝත්තර සංග්‍රහය සරසවි, සමුද්‍ර හා ඇම්.ඩී. ගුණසේන පොත් හල්වලින් දැන් මිලදී ගත හැකිය. ශිෂ්‍යත්ව සඳහා පෙනී සිටින දූ දරුවන් වෙනුවෙන් නැණමිහිර අධ්‍යාපනික වැඩසටහන් මාලාව ජාතික රූපවාහිනිය වසර ගණනාවක සිට විකාශය කරන සාර්ථක වැඩසටහනක්. ඒ සඳහා සහභාගි වන්නේ ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයක්. වැඩසටහන් මාලාවට සමගාමීව සෑම වසරකම ඉලක්ක ප්‍රශ්නෝත්තර සංග්‍රහයක් නිකුත් කරනු ලබයි. ඒ අනුව 2020 නැණ මිහිර ශිෂ්‍යත්ව ජයමඟ ඉලක්ක ප්‍රශ්නෝත්තර කට්ටලය නිකුත් කර තිබේ. පවතින තත්වය හමුවේ නිවසර වී සිටින කුඩා දූ පුතුන්ට තම අධ්‍යාපන කටයුතු සඳහා මෙය මෙවර විශාල පිටිවහලක්.

    රූපවාහිනී සංස්ථා රූ එන්ටර්ටේට්මන්ට් අළෙවි පියසෙන් මේ සඳහා අමතන්න.... 011-3158655 / 076-6505516

    Latest News