රාමසාන් නමින් හැඳින්වෙන්නේ, ඉස්ලාමීය වර්ෂයේ නව වැනි මාසයයි. ශුද්ධ වූ රාමසාන් මාසයේ දී මුස්ලිම් ජනතාව අල්ලා දෙවියන් වෙනුවෙන් කැපවේ. මුස්ලිම් බැතිමතුන් පවසන්නේ, හිජ්රි වර්ෂයේ ශුද්ධ වූ යුතුකම් ඉටුකරන බවයි. ඉස්ලාම් දහමේ ශුද්ධ වූ අල් කුරානය, අල්ලා දෙවියන් ලබාදුන් ලයිලතුල් කත්ර් නමැති ශුද්ධ වූ රාත්‍රියක් ලැබුණු මාසයක් ලෙසත් රාමසාන් මාසය හැඳින්වෙනවා. මේ නිසා මෙම මාසය අල් කුරානීය මාසයක් ලෙස සැලකේ. දෙවියන් වෙනුවෙක් කැපවන මුස්ලිම්වරයෙක් අලුයම සිට ඔහුගේ යුතුකම් අවසන්වන හවස්වරුව දක්වා නිරාහාරව සිටී. මාසයක් පුරා ඔවුන් එය ඉටු කරයි. මේ අතර, ලොවම මුහුණ පා ඇති කොවිඩ් 19 තත්වය මත එයින් මිදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයත්, මුස්ලිම් කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවත්, ඒකාබද්ධව ශ්‍රී ලංකාවාසී මුස්ලිම් ජනතාව අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මාලාවක් ඉදිරිපත් කර තිබේ.
නිරෝධායන කටයුතු පිළිබඳව ද නබිතුමාගේ ඉගැන්වීම්වල සඳහන් වන බව මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ අෂ්ෂෙක් ඒ.බී.එම්. අෂ්රෆ් මහතා පවසයි. එබැවින්, මෙම රාමසාන් උපවාස කාලය තුළ තම නිවෙස් තුළට වී ආගමික වත් පිළිවෙත්වල නිරතව වන ලෙස ඔහු මුස්ලිම් ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.
රාමසාන් උපවාස කාලය මෙවර ආරම්භ වනුයේ ගෝලීය අර්බුදයකට පත්ව ඇති අවස්ථාවක බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රාමසාන් උපවාසය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් අවධාරණය කරයි. අල්ලා දෙවියන්ගේ කැමැත්ත පරිදි සියල්ල සිදුවන බව, ඉස්ලාමීය බැතිමතුන්ගේ ආගමික ඇඳහීමයි. ඔවුන් ස්වයං පාලනයක් යටතේ ඉවසීම ප්‍රගුණ කරමින් අන් අයගේ යහපත වෙනුවෙන් කැපවීමට රාමසාන් කාලය යොදා ගැනේ. කොරෝනා වසංගතය හමුවේ අපගේ කාර්ය භාරය වන්නේ තම පවුලත් ආරක්ෂා කර ගනිමින් අභියෝග ජයගැනීම සඳහා කැපවීමයි. එබැවින් ඔබගේත් රට වැසියාගේත් ජිවිත ආරක්ෂාව වෙනුවෙන් රාමසාන් කාලය නිවෙසට වී ආගමික වතාවත් අනුගමනය කරමින් ගත කරන මෙන් අග්‍රාමාත්‍යවරයා ඉල්සාම් බැතිමතුන්ගෙන් ඉල්ලා සිටී.