මේ වන විට ශ්‍රී ලංකාව තුළ COVID-19 ආසාධනය වූ ගණන 435ක්

අප්‍රේ 25, 2020

    මේ වන විට ශ්‍රී ලංකාව තුළ COVID-19 වෛරසය ආසාධනය වූ රෝගීන් ප්‍රමාණය 435ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ අද වාර්තා වූ රෝගීන් 15ත් සමගයි. එම රෝගීන් 15 දෙනාගෙන් 7 දෙනෙක් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පිරිසෙන් වන අතර එක් අයෙක් කොළඹ 12 බණ්ඩාරනායක මාවතේ අවුරුදු 12 ක පිරිමි දරුවෙකි.

    තවත් සිව් දෙනෙක් වැලිසර නාවික හමුදා කඳවුරෙන් වේ. මොණරාගල රෝහලෙන් වාර්තා තවත් එක් රෝගියෙකු ඇතුළුව අද පස්වරු 6 වන විට වාර්තා වන මුළු කොවිඩ් 19 ආසාදිතයින් ගණන 15කි.

    එමෙන්ම අද කොවිඩ්19 ආසාදනය වී සුව වූ 9 දෙනෙකු නිවෙස් බලා ගොස් ඇත. ඒ අනුව මේ වන විට රෝගීන් 118 දෙනෙකු රෝගය සුව වී නිවෙස් බලා ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

    ඒ අනුව මේ වන විට 310 දෙනෙක් COVID-19 ආසාදිතයන් ලෙස රෝහල් ගතව ප්‍රතිකාර ලබති. එමෙන්ම 247 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින අතර මේ වන විට COVID-19 නිසා මිය ගිය ගණන 07කි.

    Latest News