ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන රොහාන් වැලිවිට මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.
අග්‍රාමාත්‍යවරයා 2000 වසරේ ධීවර අමාත්‍යවරයාව සිටි සමයේ ඔහුගේ මාධ්‍ය උපදේශක ලෙස රොහාන් වැලිවිට මහතා කටයුතු කළේය.
මහින්ද රාජපක්ෂ මහතා පළමුවර විපක්ෂ නායක ධූරය දැරූ කාලසීමාවේදී ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළේ, රොහාන් වැලිවිට මහතායි.
ඔහු අවස්ථා කිහිපයකදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්, උපදේශක සහ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් යන තනතුරු හෙබවූ නිලධාරියෙකි.