කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්. 18 වැනිදා සිට

සැප් 04, 2020

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ලබන 18 වැනි සිට 27 වැනිදා දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමයේ තීරණය කර තිබේ.

    එම සංගමය සදහන් කළේ මෙවර ප්‍රදර්ශනය වෙළෙද කුටි 400කින් පමණ සමන්විත බවයි.

    මෙවර විදේශීය වෙළෙද කුටි කළමණාකරණය කරනු ලබන්නේ දේශීය නියෝජිතයින් විසින්වීම ද විශේෂත්වයකි.

    ප්‍රදර්ශනය පැවැත්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අනුමැතිය ලැබී ඇති අතර, සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව කටයුතු කරන ලෙසට ශ්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමය ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන මහජනතාවගෙන් ඉල්ලා සිටී.

    Latest News