රාජසභා මණ්ඩපය විනාශ කිරීමේ CCTV දර්ශන ඉදිරිපත් කරන්න නියෝගයක්

සැප් 04, 2020

    කුරුණෑගල බුවනෙක ගොඩනැගිල්ල හෙවත් රාජසභා මණ්ඩපය විනාශ කිරීමේ සිද්ධියට අදාළ සීසීටීවී දර්ශන වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අද (04) නියෝග කෙරුණා.

    කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතායි මෙම නියෝගය නිකුත් කළේ.

    ඒ බුවනෙක ගොඩනැගිල්ල කුරුණෑගල මහ නගර සභාව මගින් කඩා ඉවත් කිරීමේ සිද්ධිය පිළිබඳ නඩුව විභාගයට ගත් අවස්ථාවේ.

    කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතා ද අද (04) දිනයේ දී අධිකරණයට පැමිණ සිටියා.

    මෙම නඩුව ලබන 23 වැනි දින යළි කැදවීමට නියමිතයි.

    Latest News