ජීව උණ්ඩ සමඟ අයෙක් අත්අඩංගුවට

සැප් 04, 2020

    ටී-56 ගිනි අවියක කොටස් හා ජීව උණ්ඩ සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට හොරණ විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින් සමත්විය.

    වැටලීම සිදු කෙරුණේ, හික්කඩුව හේනේතොට ප්‍රදේශයේදී. ටී-56 අවියක කොටස් කිහිපයක්, මැගසිනයක් හා එම අවිවලට යොදන ජීව උණ්ඩ 19ක් මෙහිදී සොයා ගැනිණ. 33 හැවිරිදි සැකකරු රත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත බාරදී ඇති සැකකරු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතයි.

    Latest News