අද (17) ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඔවුන් තිදෙනා ඔක්තොම්බර් 02 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
කිහිපදෙනෙකු යොදාගනිමින් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, නීතිවිරෝධී ගිනිඅවි ළඟ තබාගත් බවට සාක්ෂි නිර්මාණය කළ බවට ශානි අබේසේකර මහතාට චෝදනා එල්ල විය.
ඊට අදාළව ශානි අබේසේකර මහතා අත්අඩංගුවට ගත් අතර, ඔහු සමග එක්ව බොරු සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනාවට ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ උප පොලිස් පරික්ෂකවරයා ද අත්අඩංගුවට ගැණින.