දෙව්රම් මහා විහාරයේ නව සුවිසි විවරණ මන්දිරය අගමැති විවෘත කරයි

සැප් 24, 2020

    පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහා විහාරයේ නව සුවිසි විවරණ මන්දිරය අද විවෘත කෙරිණ.

    ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහභාගිත්වයෙන්. පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහා විහාරයේ 21 වැනි සංවත්සරය හා අමරපුර මහා නිකායේ සිරිසුමන පාර්ශ්වයේ මහනායක ආචාර්ය පූජ්‍ය කොලොන්නාවේ සිරි සුමංගල මහ නාහිමියන්ගේ ජන්ම දිනයට සමගාමීව මෙය විවෘත කෙරිණ.

    විහාරස්ථානයට පැමිණි අග්‍රාමාත්‍යවරයා, පළමුව ආගමික වතාවත්වල නිරත විය. අනතුරුව දුටුගැමුණු රජතුමාගේ පිළිරුව සහිත සුවිසි විවරණ මන්දිරය විවෘත කරනු ලැබීය. පුජ්‍ය සුමංගල හිමි, අග්‍රාමාත්‍යවරයා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්විය.

    Latest News