ඩ්‍රෝන කැමරා උපකරණ තොගයක් සොයා ගැනේ

සැප් 27, 2020

    කඩුවෙල ප්‍රදේශයේ නිවසක තිබී ලක්‍ෂ 20කට අධික ඩ්‍රෝන කැමරා සහ කැමරා උපකරණ තොගයක් දෙහිවල පොලිසිය විසින් ඊයේ සොයා ගනු ලැබීය.

    පොලිස් වෙඩි පහරින් මියගිය “රොහා“ හෙවත් “රෝහණ“ නැමැත්තාගේ මරණය සම්බන්ධයෙන් සතුට පළ කිරීමට ක්‍රියාමාර්ග ගත්, ප්‍රධාන හෙරොයින් ජාවාරම්කරුවෙක් වන “අංජු“ නැමැත්තාගේ සහෝදරිය සහ තවත් තිදෙනෙකු දෙහිවල පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබ තිබේ. ඒ, ගල්කිස්ස පොදු සුසාන භූමියේදී.

    අංජු නැමැත්තාගේ සහෝදරයා වන “ලංසියා“ නැමැත්තාගේ සොහොන අසළ සිට ඩ්‍රෝන කැමරාවලින් දර්ශන ලබාගෙන, ඒවා සමාජ ජාල වෙත මුදාහැරීමට සැලසුම් කිරීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත. ඩ්‍රෝන කැමරාව හැසිර වූ පුද්ගලයාගේ නිවසේ තිබී මෙම උපකරණ තොගය සොයාගත් බව දෙහිවල පොලිසිය පවසයි.

    Latest News