නිවසක සඟවා තිබූ, ආයුධ සොයා ගැනේ

සැප් 27, 2020

    වෙන්නප්පුව, බණ්ඩිරිප්පුව ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ, පතොරම් තුවක්කුවක් සහ ආයුධ තොගයක් පොලිස් විශේෂ බලකාය විසින් සොයා ගනු ලැබීය.

    ඒ අතර, විදේශ රටක නිෂ්පාදනය කළ කඩු 5ක් මෙරට නිෂ්පාදිත කඩුවක්, රම්බෝ වර්ගයේ පිහි 5ක්, ඊයම් බෝල හය දහසක්ද වේ. 22 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වෙන්නප්පුව පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.

    Latest News