කුමාරසිරි හෙට්ටිගේ මහතා අගමැතිතුමාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් ලෙස පත්කෙරේ

ඔක් 16, 2020

    අග්‍රාමාත්‍ය දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස කුමාරසිරි හෙට්ටිගේ මහතා පත්කර තිබේ.

    ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන හෙට්ටිගේ මහතා, මහින්ද රාජපක්‍ෂ මහතා 2005 සිට 2015 දක්වා ජනාධිපති ධූරය දැරූ සමයේ, එතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් ලෙස ක්‍රියා කළේය.

    ඉන් පසු මහින්ද රාජපක්‍ෂ මහතා විපක්‍ෂ නායක ධූරයට හා අග්‍රාමාත්‍ය දූරයට පත් වූ පසු ද එතුමාගේ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණ ලේකම්වරයා වූයේ හෙට්ටිගේ මහතායි.

    Latest News