සිව් දිනක් තිස්සේ පවතින මෙම ගින්න තවදුරටත් පැතිර යමින් පවතින බව ප්‍රදේශවාසීහු පවසති. ගින්නෙන් අක්කර 25ක් පමණ විනාශ වී ඇති අතර ගින්න පාලනය කිරීමට මෙතෙක් කිසිවෙක් ඉදිරිපත් වී නැත.
වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව යටතේ පාලනය වන මෙම ෆයිනස් වන වගා රක්ෂිතය, දියගල ප්‍රදේශය සහ නෝටන්බ්‍රිජ් ප්‍රදේශය දක්වා අක්කර 100 කට වැඩි භූමි ප්‍රමාණයක විහිදී පවතී. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණයත් සමග මෙම රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තබා ඇත. එම රක්ෂිතය තුළ ගෝනුන්, වැලිමුවන්, දිවියන්, හාවුන්, වල් ඌරන් වැනි සිව්පාවන් ඇතුළු පක්ෂීන් ගණනාවක් වෙසෙන බවත් මෙම ෆයිනස් වගාව හරහා ජල මුලශ ගණනාවක් කැළණි ගඟට ගලා බසින බවත් ප්‍රදේශවාසීහු පවසති.