මෙසේ බඳවාගනු ලබන පිරිසගේ අධ්‍යාපන සුදුසුකම් ලෙස සලකා බැලෙන්නේ 8වන ශ්‍රේණිය සමත්වීම බැවින් ඔවුන්ගේ සේවය ස්ථීර කිරීම සඳහා මෙම පුහුණුව ලබාදෙන බව පැවැසීය.
ඒ අනුව මෙම පිරිසට ක්ෂේත්‍ර 25ක් ඔස්සේ මාස 6ක පුහුණුවක් ලබාදීමට නියමිත අතර, පුහුණුව ලබාදීම ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය මගින් සිදුකෙරේ.