එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටි 143 දෙනෙකු, මාලදිවයිනේ සිටි 53 දෙනෙකු, කටාර් රාජ්‍යයේ සිටි දෙදෙනෙකු දිවයිනට පැමිණි පිරිස අතරට අයත්.
ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 98 දෙනෙකු ද අද (25) උදෑසන කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණිමට නියමිතය.
දිවයිනට පැමිණි පිරිස PCR පරීක්ෂණවලට ලක්කිරීමෙන් පසු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති බව අද දෙරණ ගුවන්තොටුපළ වාර්තාකරු පැවසීය.