ගනේවත්ත වැල්ලව, කනව, සීරාදුන්නගම් 3 හුදෙකළා කෙරේ

දෙසැ 14, 2020

    ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයට අයත් වැල්ලව, කනව, සීරාදුන්න ප්‍රදේශයෙන් අද දින කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 18 දෙනෙකුම හමුවීම හේතුවෙන් එම ප්‍රදේශය සම්පූර්ණයෙන්ම වසා දමා හුදෙකලා කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත.

    කොළඹ ප්‍රදේශයේ සේවය කරන සීරාදුන්න ප්‍රදේශයේ පදිංචි පොලිස් සැරයන්වරියකගේ නිවසේ පැවති සාදයකට සහභාගිවූ සීරාදුන්න ප්‍රදේශයේම පදිංචිකරුවන් පිරිසක් මෙසේ ආසාදිතයින් බවට පත්ව ඇති බව තහවුරු වී තිබේ.

    එම සාදයෙන් අනතුරුව සැරයන්වරියට සහ ඇගේ මවට මුලින්ම කොරෝනා වෛරසය ආසාදනය වී තිබූ අතර ඉන් අනතුරුව එම සාදයට සහභාගි වූ මාස්පොත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිනියකටද වෛරසය ආසාදනය වී ඇත.

    Latest News