ලෝක මදුරු වැඩසටහන යටතේ වොල්බැකියා බැක්ටීරියා අන්තර්ගත ඊඩිස් ඊඩිප්ටයි මදුරුවන් සාර්ථකව මුදා හැරීම තුළින් ඩෙංගු, චිකන්ගුන්යා, සිකා සහ කහ උණ වෛරස්වලට සම්ප්‍රේපෂණය වීමට ඇති හැකියාව අවම කිරීම මෙමගින් අපේක්ෂිතය.
නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ, කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකදී නියමු ව්‍යාපෘතියක් ලෙස ඇරඹෙන මෙම වැඩසටහන පසුව දිවයින පුරා ක්‍රියාත්මක කරන බවයි.
වොල්කියා බැක්ටීරියාව අන්තර්ගත මදුරුවන් පරිසරයට මුදා හැරීම සිදු කරන්නේ, මදුරු බඳුන නමැති බහාලුමක් උපයෝගී කර ගනිමිනි.
ජලයෙන් පිරී පවතින මදුරු බිත්තර සහ ආහාර අඩංගු කැප්සූලයකින් සමන්විත මදුරු බඳුන වීදි, උද්‍යාන සහ සෙවණ සහිත ප්‍රදේශවල එල්ලා තැබෙන අතර සති දෙකක පමණ කාලයකදී මේරු බිත්තර තුළින් මදුරුවන් සෑදි මදුරුවන් මදුරු බඳුනෙන් පිටතට පියාසර කරනු ඇති.