මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධියට අඳාළ නඩුවට දින නියමවෙයි

පෙබ 11, 2021

    මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධියට අදාළ විමර්ශන පැමිණිල්ල ලබන මස 18 වනදා කැඳවීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

    එම පැමිණිල්ල අද (11) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය හමුවේ කැඳවනු ලැබුවා.

    මෙහි සැකකරුවන් ලෙස පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස්, එම සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන් ඇලෝසියස් ප්‍රධාන විධායක කසුන් පලිසේන සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පී. සමරසිරි ඇතුළු දස දෙනෙකු නම් කර තිබෙනවා.

    මේ අතර 2016/03/29 සහ 31 මහබැංකු බැඳුම්කර නිකුතුවලට අදාලව හිටපු මුදල් ඇමති රවී කරුණානායක ඇතුළු 11කට එරෙහි නඩුවේ විමර්ශන අවසන් බව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙනවා.

    ඒ අනුව, නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා අදාල විමර්ශන ගොනු නීතිපතිවරයා වෙත යොමුකළ බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.

    Latest News