මුස්ලිම් විවාහ නීතිය සංශෝධනයට පියවර

පෙබ 12, 2021

    මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වනවිටත් ගෙන ඇති බව, අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා අද (12) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

    ස්ථාවර නියෝග 2/27 යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ඊයේ (11) දිනය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කළේය.

    මුස්ලිම් විවාහ නීති රීති වෙනස් කිරීමට දැන් කාලය එළඹ ඇතැයි, පැවසූ අමාත්‍යවරයා ඒ සඳහා කටයුතු කරගෙන යන බව ද අවම විවාහ වයස 18 විය යුතු බව සහ කාන්තාවන් කාතිවරුන් වශයෙන් කටයුතු කිරීමට හැකි බව, මුස්ලිම් කාන්තාවන්ද විවාහ වනවිට අත්සන් කළ යුතුය යන යෝජනා ඉදිරිපත් කර ඇති බවත්, එම සංශෝධන කිරීම සඳහා විශේෂ උපදේශන කාරක සභාවක් පත් කර ඇති බව ද සඳහන් කළේය.

    මුස්ලිම් නීතියට අනුව පොඩි දරුවන් කැමැත්තෙන් තොරව විවාහ කරදීම සම්බන්ධයෙන්ද සිදුකළ ප්‍රකාශය වැරදි බව පෙන්වා දුන් අමාත්‍යවරයා ප්‍රායෝගිකව එසේ සිදු නොවන බවත් එය අවශ්‍ය නම් සාකච්ඡා කර සංශෝධනය කර වෙනස් කර ගත හැකි බව ද අමාත්‍යවරයා පැවසීය.

    Latest News