රෝහල්ගතව සිටි පුද්ගලයින් 843 ක් පූර්ණ සුවය ලබා ඇති බව වාර්තා වේ

පෙබ 22, 2021

    කොවිඩ් - 19 වෛරසයෙන් පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් ගණන 843 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි අද (22) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 519 දෙනෙකු හඳුනාගෙන ඇත.

    එම පුද්ගලයින් අතරින් එක් පුද්ගලයෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකි.

    ඉතිරි පුද්ගලයින් 518 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්තා වේ.

    හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 122 ක් ලෙසය.

    ඊට අමතරව, මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 85 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 64 ක් ලෙස වාර්තා වේ.

    අනෙක් ආසාදිතයින් 247 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

    අද (22) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 76,428 ක් වේ.

    ඉන් පුද්ගලයින් 72,905 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    මීනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරෙන් හමුවු ආසාදිතයින් සියලුදෙනා මේ වනවිට සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    අද (22) දින උදෑසන වනවිට, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපලේ පොකුරේ සම්පූර්ණ සංඛ්‍යාව 73,369 ක් වන අතර, ශ්‍රී ලංකාව තුළ කොවිඩ් - 19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 79,998 ක් වේ.

    ඉන් පුද්ගලයින් 74,298 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    අද (22) දින උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 5,255 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබති.

    අද (22) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 843 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

    අද (22) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇත.

    ඔවුන් කුඩාගල්ගමුව, වස්කඩුව, කළුතර, බිබිල, පිටකෝට්ටේ, රත්මලාන, හැටන්, ගුරුතලාව, කොලොන්නාව සහ වැල්ලවත්ත යන ප්‍රදේශයින්හී පදිංචි පුද්ගලයන් වෙති.

    ඒ අනුව, අද (22) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 445 ක් දක්වා ඉහළ ගොස් ඇත.

    අද (22) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 96 ක් තුළ පුද්ගලයින් 9,373 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිති.

    ඊයේ (21) දිනය තුළ PCR පරික්‍ෂණ 12,936 ක් සිදුකර ඇත.

    Latest News