මෙම නැනො වයිරස් නාශක තාක්ෂණික මුව ආවරණය ඒ මත වැටෙන ඕනෑම විෂබීජයක් විනාශවන ආකාරයට නිර්මාණය කර තිබීම විශේෂත්වයකි. ලොව ප්‍රථම වයිරස් නාශක සහ නැනො අංශු පෙරණ මුව ආවරණය මෙය වේ.
නොබෝ දිනකින් මෙම විශේෂිත මුව ආවරණය දේශීය හා විදේශීය වෙළඳ පොලට නිකුත් කිරීමට පර්යේෂක කණ්ඩායම සැළසුම් කර තිබේ. ඊට අවශ්‍ය රාජ්‍ය මැදිහත්වීම ඉටු කිරීමට සෞඛ්‍ය අමාත්‍යතුමියට දැනුම් දෙන බව අගමැතිතුමා මෙහිදී සඳහන් කළේය.
මෙම නව නිපැයුම සඳහා රාජ්‍ය ඇමතිනි සීතා අරඹේපොළ මහත්මියගේ සහය ලැබී තිබේ. අමාත්‍යවරුන්වන බන්දුල ගුණවර්ධන, ගාමිණි ලොකුගේ, රාජ්‍ය අමාත්‍යවරුන්වන රොෂාන් රණසිංහ, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සුසිල් ප්‍රේම ජයන්ත, ලසන්ත අලගියවන්න, ඩී.වී චානක මහත්වරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රි ගයන්ත කරුණාතිලක මහතා ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.