රු. 20 සමරු කාසිය අගමැතිට පිළිගන්වයි

පෙබ 26, 2021

    ශ්‍රී ලංකා මහ බැංකුවේ 70 වන සංවත්සරය නිමිත්වෙන් නිකුත් කළ රුපියල් 20ක් වන සමරු කාසිය මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාට අද (26) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පිළිගැන්විය.

    මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්‍ෂ්මන් මහතා විසින් රුපියල් 20 සමරු කාසිය අගමැතිතුමාට පිළිගන්වන ලදි. මෙම රුපියල් 20 නව කාසිය අනෙකුත් ව්‍යවහාර මුදල් නෝට්ටු සහ කාසි සමඟ ගෙවීම් සඳහා 2021 මාර්තු 03 වන දින සිට සංසරණය සඳහා නිකුත් කෙරෙනු ඇත.

    රාජය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී.ලක්‍ෂ්මන් යන මහත්වරු සහ ශ්‍රී ලංකාවේ ඔස්ටේලියානු මහ කොමසාරිස් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News