නීති විරෝධි දැව ප්‍රවාහන කළ කැබි රථය, හමුදා සෙබළුන් යටකර පලායයි

අප්‍රේ 18, 2021

    වවුනියාව ප්‍රදේශයේදී නීති විරෝධි දැව තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක් යුද හමුදා භටයින් දෙදෙනෙකු යටකර පලාගොස් තිබේ. 

    කැබි රථය පරීක්‍ෂා කිරීමට යාමේදී මෙම භටයින් දෙදෙනා යටකර පළා ගොස් ඇති බව ඕමන්ත පොලිසිය පවසයි. අනතුරුව කැබ් රථය අතහැර සැකකරුවන් පළා ගොස් සිටියදී කැබ් රථය පොලිස් බාරයට ගෙන තිබේ. සැකකරුවන් සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

    Latest News