උතුරු අමෙරිකානු, යුරෝපා රටවලට තවදුරටත් ගුවන් ගමන්.....

අප්‍රේ 18, 2021

    උතුරු අමෙරිකානු රටවල් හා යුරෝපා රටවල් කරා තවදුරටත් ගුවන් ගමන් ව්‍යාප්ත කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සැලසුම් කොට තිබේ.

    ඒ, කටාර් එයාර්වේස් සමාගම සමඟ එක්වයි. මේ අනුව, නගර 10ක් කේන්ද්‍ර කර ගනිමින් කැනඩාව, හංගේරියාව, අසර්බයිජානය, ස්කොට්ලන්තය, යුක්‍රේණය සහ තුර්කිය යන රටවල්වලට ගමනාන්ත ඇරඹීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පියවර ගනු ලබයි.

    මෙම ගමනාන්තය සඳහා ගුවන් ගමන් සැලසුම් කිරීමේදී ගුණාත්මක මගී සේවාවක් කෙරෙහි වැඩි අවධානය යොමු කරන බව එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි විපුල ගුණතිලක මහතා කියා සිටී.

    එමගින් පාරිභෝගිකයන්ට නම්‍යශීලි සංචාරක සැලැස්මක් යටතේ වාසිදායක අයුරින් ගුවන් ටිකට්පත් මිලදී ගත හැක. මේ වනවිට ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් සමාගම ලොව රටවල් 55ක නගර 111ක් ආවරණය කරමින් ගමනාන්ත සැලසුම් කර තිබේ.

    Latest News