දෙවන වාරයේ පාසල් හෙට (19) ඇරඹේ

අප්‍රේ 18, 2021

    දෙවැනි පාසල් වාරය හෙට (19) ආරම්භ වේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසන්නේ, සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ අමාත්‍යාංශය මීට පෙර නිකුත් කළ චක්‍රලේඛ හා උපදෙස් අනුව පාසල් ආරම්භ කරන බවයි.

    මේ වසරේ පළමු පාසල් වාරය අවසන් වූයේ අප්‍රේල් 09 වැනිදායි. දිවයිනේ සියලු රජයේ සහ පෞද්ගලික පාසල්වල අධ්‍යයන කටයුතු දෙවන වාරය වෙනුවෙන් හෙට යළි ආරම්භ කෙරෙනු ඇත. මීට පෙර නිකුත් කළ චක්‍රලේඛවලට අදාලව කොටස් වශයෙන් දරුවන් පාසල්වලට ගෙන්වා ගත යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    Last modified on ඉරිදා, 18 අප්‍රේල් 2021 19:23

    Latest News