පුරවර විශ්වවිද්‍යාල යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

අප්‍රේ 20, 2021

    දිවයින පුරා පුරවර විශ්වවිද්‍යාල පිහිටුවීමේ යෝජනාවට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

    අදාළ දිස්ත්‍රික්කවල නිෂ්පාදන අංශවලට අවශ්‍ය නිපුනතා වර්ධනය කරමින් රැකියා අවස්ථාවන්ට ගැලපෙන උපාධි ප්‍රදානය කරන උසස් අධ්‍යාපන ආයතන ලෙස පුරවර විශ්වවිද්‍යාල පිහිටුවීමට නියමිතයි.

    උසස් පෙළ සමත්ව විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබන සිසුන්ගෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා අවස්ථාව හිමිවන්නේ 20%ක පමණ පිරිසකටය. එම අවස්ථාව නොලබන කණ්ඩායම් කාර්මික හා වෘත්තිය පුහුණුව සඳහා යොමුවීම සැලකිය යුතු මට්ටමක නොපවතින බව, පෙනී ගොස් තිබේ.

    ඊට පිළියමක් ලෙස පුරවර විශ්වවිද්‍යාල පිහිටුවීමට අදාළ යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින්.

    Latest News