බෞද්ධ ප්‍රකාශන පළ කිරීම නියාමනය කිරීමේ පනත් කෙටුම්පතක් සැකසීමට රජයේ අවධානය

අප්‍රේ 20, 2021

    බෞද්ධ ප්‍රකාශන පළ කිරීම නියාමනය කිරීමේ පනත් කෙටුම්පතක් සකස් කිරීමට ද රජයේ අවධානය යොමු වී තිබේ.

    ඒ පිළිබඳව නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවිය. නිර්මල බුදුදහම හා බෞද්ධ සම්ප්‍රදායන් විකෘති කරමින් විවිධ ග්‍රන්ථ, ප්‍රකාශන, සංයුක්ත තැටි සහ වෙනත් නිර්මාණ බිහිවන බව පෙනී ගොස් තිබේ.

    එවැනි දෑ නියාමනය කිරීමේ විධිවිධාන ඇතුලත් පනතක් පැනවීම මෙහි අරමුණයි. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව, මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කළ අතර, ඊට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පිළිතුරු ලබාදුන්නේය.

    Latest News