පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයට විනාඩි දෙකක නිහැඬියාවක් පවත්වන්න; අගරදගුරු හිමිපාණන්

අප්‍රේ 20, 2021

    පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් හෙට (21) උදේ 8.45 සිට විනාඩි දෙකක නිහැඬියාවක් පවත්වන ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    ඔවුන් සැමරීමේ දෙවර්ෂ පූර්ණය හෙටයි. හෙට, කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැත්වීමට නියමිත විශේෂ දේව මෙහෙය හේතුවෙන් අද පස්වරු 4.00 සිට හෙට මධ්‍යහ්න 12.00 දක්වා දේවස්ථානය අසළ මාර්ග කිහිපයක වාහන ගමනාගමනය සීමාකර තිබේ. ශාන්ත අන්තෝනි මාවත, රාමනාදන් මාවත, ක්‍රිස්ටි පෙරේරා මාවත එම මාර්ගයි.

    අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් හෙට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ පැවැත්වෙන විශේෂ දේව මෙහෙය උදේ 8.30 සිට ජාතික රූපවාහිනිය ඔස්සේ සජිව ලෙස විකාශය කෙරේ.

    Latest News