සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ, හික්කඩුව, ගෝනපීනුවල ප්‍රදේශයේදී. කළුතර දකුණ පොලිසියට අනුයුක්තව සිටි එම උප පොලිස් පරීක්‍ෂකවරයාගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටී.
උප පොලිස් පරීක්‍ෂකවරයෙකු මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට ලැබුණු තොරතුර අනුව රහසිගතව මෙහෙයුම දියත් කර තිබේ. උප පොලිස් පරීක්‍ෂකවරයා ගාල්ල, හබරාදූව ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය තොගය ලබාගෙන මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී හික්කඩුව, ගෝනපීනුවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.
ඊට සම්බන්ධ තවත් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගැණින. ඔවුන් මට්ටක්කුලිය සහ ජා ඇල පදිංචිකරුවන්. සැකකරුවන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගත් මෝටර් රථ දෙකක් ද පොලිස් බාරයට ගනු ලැබීය.