සිවිල් ඉංජිනේරුවරයෙකු කළ මහා පරිමාණ මත්කුඩු ජාවාරමක් හෙළිවේ

ජූනි 20, 2021

    හලාවත ප්‍රදේශයේ සිවිල් ඉංජිනේරුවරයෙකු විසින් මෙහෙයවන ලද මහා පරිමාණ මත්කුඩු ජාවාරමක් හෙළිකර ගැනීමට හලාවත කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් සමත්වූහ.

    පසුගියදා පස්වරුවේ සිදු කෙරුණු වැටලීමේදී රුපියල් ලක්‍ෂ 40ක හෙරොයින් තොගයක් සොයාගෙන තිබේ. හලාවත මැදවත්ත ප්‍රදේශයේ දී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගනු ලැබූ සිවිල් ඉංජිනේරුවරයාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව, හිටපු හමුදා සෙබලෙකු ද ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

    හෙරොයින් ග්‍රෑම් 300ක් හා මත්කුඩු ප්‍රවාහනයට යොදා ගැනුණු සුඛෝපභෝගි මෝටර් රථයක් ද පොලිස් බාරයට ගනු ලැබීය.

    Latest News