ජනතාවට සහ රටට සෙත්පතා රතන සූත්‍රය සජ්ජායනය දිවයින පුරා

ජූනි 20, 2021

    කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහ රටට සෙත්පතා රතන සූත්‍රය සජ්ජායනය දිවයින පුරා පැවැත්වේ.

    ජාතික පිරිවෙන් දිනයට සමගාමීව මෙය ක්‍රියාත්මකයි. දිවයින පුරා පිහිටි පිරිවෙන් 814ක් සහ බෞද්ධ දස සිල්මාතා අධ්‍යාපන ආයතන 11ක් කේන්ද්‍ර කරගනිමින් රතන සූත්‍රය සජ්ජායනය සිදු කෙරේ.

    මෙය, පළාත් මට්ටමින් ද සංවිධාන කර ඇති බව, දහම් පාසල් පිරිවෙන් හා භික්‍ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව, බස්නාහිර පළාතේ රතන සූත්‍රය සජ්ජායනය ඊයේ සංවිධාන කර තිබුණේ, කඩුවෙල, කොතලාවලපුර තක්‍ෂිලා මහ පිරිවෙනේදී.

    Latest News