රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

ජූනි 23, 2021

    එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නේය.

    ඔහු, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම්දීම සිදු කළේ අද (23) පෙරවරුවේ. රනිල් වික්‍රමසිංහ මහතා පිළිගැනීම සඳහා පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසලට එක්සත් ජාතික පාක්‍ෂිකයන් කිහිප දෙනෙකු පැමිණ සිටියේය.

    වික්‍රමසිංහ මහතා ඔවුන්ගේ සුබපැතුම් මධ්‍යයේ පාර්ලිමේන්තුව වෙත පැමිණියේය. කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහ මහතා, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ඉදිරියේ මන්ත්‍රී නාම ලේඛනයේ අත්සන් තැබීය. පක්‍ෂ-විපක්‍ෂ මැති ඇමතිවරුන්ගෙන් ඔහුට හිමිවූයේ උණුසුම් පිළිගැනීමක්.

    Latest News