මහා බෝසතාණන් වහන්සේ මව්කුස තුළ පිළිසිඳ ගැනීම ඇතුළු සම්බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසක් අදවන් ඇසළ පොහෝ දිනයක සිදුව ඇති බවයි ශාසන ඉතිහාසයේ සඳහන්වේ.
රාහුල කුමරුගේ උපතත් අද වගේ දවසක සිදුව තිබේ. බුදුරජාණන් වහන්සේගේ පළමු දම් දෙසුම වන දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරන්නට යෙදුනෙත් අද වගේ දවසකයි. දිවයිනේ වෙහෙර විහාරස්ථානයන්හි වස්වැසීම චාරිත්‍රානුකුලව ආරම්භ වන්නේද ඇසල පෝය දිනයෙනි. මේ වෙනුවෙන් දිවයිනේ වෙහෙර විහාරස්ථනයන්හි පිංකම් බොහොමයක් සංවිධනාය කර තිබේ.
මේ අතර රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය උපදෙස්වලට යටත්ව වෙහෙර විහාරස්ථානවල ආගමික කටයුතු සිදුකරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීම් කරනවා.