අඩු පීඩන කලාපය තවදුරටත්.....(වීඩියෝ)

නොවැ 01, 2021
  • අඩු පීඩන කලාපය තවදුරටත් ශ්‍රී ලංකාව ආශ්‍රිතව ස්ථාන ගතව පවතින බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    එම නිසා දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තවදුරටත් වරින් වර වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන්. කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට ද ඊයේ රාත්‍රී සිට අධික වැසි ඇඳහැලුණු අතර, මහරගම-පිළියන්දල මාර්ගයේ ඇරැව්වල ප්‍රදේශය අද උදෑසන ජලයෙන් යටවී තිබුණා. අප වාර්තාකරු ප්‍රකාශ කළේ, වාහන ගමනාගමනයට ද බාධා එල්ල වූ බවයි.

    Last modified on සදුදා, 01 නොවැම්බර් 2021 19:01

    Latest News