වෘත්තිය සමිති 17ක් තවදුරටත් වර්ජනයේ...

පෙබ 13, 2022

    රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය හැර අනෙක් සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩ වර්ජනයේ තවදුරටත් නිරත වනවා.

    මේ හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි රෝගීන් අදත් දැඩි අපහසුතාවයට පත් වුණා. කොළඹ දිසා අධිකරණය පැනවූ වාරණ නි‍යෝගයට අනුව සමන් රත්නප්‍රිය මහතා සභාපතිත්වය දරන රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ඊයේ සවස වර්ජනයෙන් ඉවත් වුණා. එහෙත්, අනෙක් වෘත්තිය සමිති 17 තවදුරටත් වර්ජනයේ නිරත වනවා. ඒ නිසා රෝහල් බොහොමයක රසායනාගාර කටයුතු සහ ඖෂධ බෙදා හැරීම අඩපණ වී ඇති බවයි, වාර්තා වන්නේ.

    වර්ජනය ක්‍රියාත්මක වන්නේ, සෞඛ්‍ය සේවා අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර ඇති පසුබිමකයි. ඒ පිළිබඳ විශේෂ ගැසට් නිවේදනය පෙරේරා රාත්‍රී නිකුත් කෙරුණා. වර්ජනයෙන් ඉවත් වූ හෙද නිලධාරීන් රැසක් අද (13) සේවයට වාර්තා කර තිබෙනවා.

    Latest News