අද සිට සියලු සිසුන් පාසල් වෙත කැදවයි

මාර් 14, 2022

    රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිසුන් ලබන අද (14) සිට සාමාන්‍ය පරිදි පාසලට කැඳවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඒ සම්බන්ධයෙන් වන චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් ඇත.

    'කොවිඩ් 19' වසංගත තත්ත්වය හමුවේ පාසල පවත්වාගෙන යාම සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් ඇතිවුවහොත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකගේ අනුමැතිය යටතේ අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතු බවයි,අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ.

    පැවති කොවිඩි වසංගත තත්වය මත මීට පෙර පාසල්වලට සිසුන් කැඳවනු ලැබුවේ, ශිෂ්‍ය සංඛ්‍යාව පදනම් කර ගනිමින් කාණ්ඩ ලෙසයි.

    Latest News