හිටපු ඇමති ජොන්ස්ටන් අත්අඩංගුවට ගන්නැයි, නියෝග

ජූනි 08, 2022

    කොල්ලුපිටිය මයිනා ගෝ ගම සහ ගාලු මුවදොර මයිනා ගෝ ගමට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියම වී සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා වරෙන්තුවක් නිකුත් කර තිබේ.

    පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අතිරේක සොලිස්ටර් ජනරාල් අයේෂා ජිනසේන අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු පදිංචිව සිටි නිවාස මග හැර සැගවී සිටින බවත් ඔහු විමර්ශන කණ්ඩායම් මගහරිමින් සිටින එයින් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

    ඒ අනුව පැමිණිල්ල විසින් ඉදිරිපත් කරන කරුණු කෙරෙහි සෑහීමකට පත්වන බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා ඒ අනුව මෙම වරෙන්තුව නිකුත් කළේය.

    රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක ඇතුළු සැකකරුවන් 13 දෙනකු ඇප මත මුදා හරින ලෙසත් අධිකරණය නියම කළේය.

    එමෙන්ම සනත් නිශාන්ත ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු ලබන 15 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද නියෝග කෙරිණ. 

    Latest News