ස්මාට් දුරකථන භාවිතයෙන් අධ්‍යාපනය ලබාදීම ගැන අලුත්ම වාර්තාවක්

ජූලි 31, 2023

    ස්මාට් දුරකථන සහ ඩිජිටල් දුරස්ථ ක්‍රමවේද භාවිතයෙන් අධ්‍යාපනය ලබාදීම සීමා කළ යුතු බව විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසනවා.

    පාසල්වල් ස්මාට් ජංගම දුරකථන තහනම් කළ යුතු බවට වන යුනෙස්කෝ නවතම අධ්‍යයන වාර්තාව පාදක කර ගනිමින් ඔහු මේ බව කියා සිටියා.

    යුනෙස්කෝ සංවිධානය ඉදිරිපත් කර ඇති නවතම වාර්තාවෙන් පෙන්වාදී ඇත්තේ, පාසල් අධ්‍යාපනය සඳහා ජංගම දුරකථන අධික ලෙස යොදා ගැනීම කණගාටුවට කරුණක් බවයි. එසේම, එය සිසුන්ගේ සෞඛ්‍ය සහ යහපැවැත්මට මෙන්ම, අන්තර් සම්බන්ධතා දුරස්ථ කිරීමටද හේතු වන බව එමගින් පෙන්වා දෙනවා. කොවිඩ් සමයේ ඩිජිටල් තාක්‍ෂණය, පාසල් අධ්‍යාපන කටයුතු දුරස්ථව පවත්වාගෙන යාම වාසි සහගත වුණා. එහෙත්, දරුවා සහ ගුරුවරයා අතර, පන්ති කාමරය තුළ මුහුණට මුහුණලා සිදුවන සමීප සම්බන්ධතාව වටිනා බවයි වාර්තාවෙන් පෙන්වා දෙන්නේ.

    Latest News