ඕස්ට්‍රේලියා පෙට්‍රෝලියම් ලංකාවේ වැඩ අරඹයි

ජූනි 06, 2024

    ශ්‍රී ලංකාව තුළ ඇමරිකානු ඩොලර් මිලියන 300ක පමණ ආයෝජනයක් සිදු කිරීමට “යුනයිට් පෙට්ට්‍රෝලියම් සමාගම” කටයුතු කරණ බව “යුනයිට් පෙට්ට්‍රෝලියම් ලංකා ප්‍රයිවට් ලිමිටඩ්” ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ප්‍රභාත් සමරසිංහ මහතා පවසනවා.

    ඒ මහතා මේ බව සදහන් කර සිටියේ යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකා ප්‍රයිවට් ලිමිටඩ්  ශ්‍රී ලංකා වෙළෙඳපොළට ඛනිජ තෙල් නිෂ්පාදන සැපයීම සඳහා   ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සමඟ පසුගිය ජුනි 4 වැනි දින ගිවිසුමකට එළැඹි අවස්ථාවේදී්‍.

    “යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකා ප්‍රයිවට් ලිමිටඩ්” යනු United Petroleum Australia Pty Ltd සමාගම විසින්  ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් කටයුතු සිදු කිරීම සදහා සංස්ථාගත කර ඇති සමාගමකි.

    United Petroleum Australia Pty Ltd ඕස්ට්‍රේලියානු උප මහාද්වීපය පුරා ඉන්ධන පිරවුම්හල් 500කට අධික ප්‍රමාණයක් හිමි ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ ඛනිජ තෙල් වෙළඳ සමාගමක්. යුනයිටඩ් සමූහයට ඕස්ට්‍රේලියාවේ සහ සිංගප්පූරුවේ තවත් බොහෝ ව්‍යාපාර ඇති අතර සමාගම ඔස්ට්‍රේලියාවෙන් පිටත සිය සිල්ලර ඛනිජ තෙල් ව්‍යාපාරය පුළුල් කළ පළමු අවස්ථාව මෙයයි. යුනයිටඩ් යනු ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ පරිසර හිතකාමීත්වය කෙරෙහි අවධානය යොමු කරන සමාගමකි.

    United Petroleum Australia Pty Ltd සමාගමට මෙරට ඉන්ධන පිරවුම්හල් 150ක් සදහා ඉන්ධන බෙදාහැරීමේ හිමිකාරීත්ය පවරා ඇති අතර, යුනයිටඩ් හිමිකාරිත්වය යටතේ නව ඉන්ධන පිරවුම්හල් 50ක් ඉදිකිරීමේ අයිතියද හිමිව තිබෙනවා. 

    මෙම ගිවිසුමට ආයෝජන මණ්ඩලය වෙනුවෙන් ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි මහතා අත්සන් තැබූ අතර ආචාර්ය ප්‍රභාත් සමරසිංහ මහතා යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් වෙනුවෙන් අත්සන් තැබුවා. 

    Last modified on බ්‍රහස්පතින්දා, 06 ජූනි 2024 09:14

    Latest News