වතුර වළකට වැටී පුංචි මල් කැකුළක් මිලින වෙයි

මාර් 07, 2025
    ආරච්චිකට්ටුව පොලිස් වසමේ වෛරම්කට්ටුව ප්රදේශයේදී නිවස ආසන්නයේ කපා තිබූ ජලය පිරී තිබූ වළකට වැටී කුඩා දරුවෙකු මියගොස් තිබෙනවා.

    පොලීසිය පැවසුවේ ඊයේ (06) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි.

    මියගිය දරුවා වයස අවුරුදු 01 ක් වූ වෛරම්කට්ටුව ප්රදේශයේ පදිංචි පිරිමි දරුවෙකි.
     
    මෘතදේහය හලාවත රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ආරච්චිකට්ටුව පොලිසිය විමර්ශන සිදුකරනවා.

    Latest News